හලාවත නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය අද (09) සමත් වී තිබේ. හලාවත නගර සභා ශ්රවණාගාරයේදී පැවති ඡන්ද විමසිමේදී වැඩි ඡන්ද 5 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ තුෂාන් අබේසේකර මහතා තේරී පත්විය. උප සභාපතිවරයා වශයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාදුකුල් අමින් මහතා තේරී පත් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය සභිකයන් 07ක්, ශ්රී ලංකා නිදහස් පක්ෂය සභිකයන් 06ක්, ශ්රී ලංකා පොදුජන පෙරමුණ සභිකයන් 06ක්, ජනතා විමුක්ති පෙරමුණේ එක් සභිකයෙක් පත්ව ඇත මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්රකාශ කිරීමෙන් වැලකී සිට ඇත.
පසුගිය දින සභාපතිවරයා හා උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ජන්ද විමසීමක් පැවැත්වීම සඳහා සභාව කැදවා තිබු නමුත් සභාවේ ඝණ පුර්ණය නොමැති කමින් සභාව කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කෙරිණි.