මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ වසරේ සැප්තැමිබර් මාසයේදී මෙරට ඉන්ධන මිල පහත දැහිමේ යෝජනාවක් ක්රියාත්මක කරන බව ජනාධිපතිවරයා දැනුම්දීමෙන් පසු දින හතරක කාලයක් පුරා මිගමුව හලාවත අතර ධිවරයින් විසින් පවත්වා ගෙන ගිය වර්ජනය අවසන් කර ඊයේ ( 20 දා ) එම ධිවරයන් මුහුදු ගිය බව වාර්තා වුණි.එසේ හලාවතින් මුහුදු ගිය ධීවයිරයන්ට විශාල වශයෙන් හුරුල්ලන් අස්වැන්නක් නෙළා ගැනිමට හැකි වී තිබූ බව එම ධිවරයන් පෙන්වා දුන් අතර, හුරුල්ලන් කිලෝවක් රැපියල් 200- 220ත් අතර මුදලකට හලාවත වෙළෙඳ පොලේදී මිලට ගත් හැකිවු බවත් පාරිභෝගිකයෝ පෙන්වා දුන්හ. මුහුදු ගොස් මාලු අල්ලාගෙන පැමිණි ධිවරයන්ගෙන් හලාවත කලපු ඉවුර පිරී ගොස් තිබුණි.