ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට පැහැදිලිව ප්‍රකාශ නොකිරීම ආණ්ඩුවේ වරදක් ලෙස තමා දකින බවත් යහපාලනය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ගැටළු මතුවී ඇති බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ වන විට රට තුළ ප්රජාතන්ත්රවාදය උපරිම වශයෙන් ක්‍රියාත්මක වන බැවින් එවැනි තත්වයන්ටද මුහුණදීමට සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.