හරියට ආණ්ඩු කළා නම් දියපට්ට එනතුරු ඇවිදින්න වෙන්නේ නැහැ
හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද, රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. අද කෝටි නව ලක්ෂයක ණය බරකින් අපේ රට පෙළෙන බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල මහතා පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමීමේ අභියෝගයට මුහුණදිමට සිදුව ඇත්තේ නව රජයට බව ද කියා සිටියේය.
වරක් ජනාධිපති ධූරයේ කටයුතු කර නැවත ආණ්ඩුවක් ඉල්ලා දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට තමාට නම් අවශ්‍ය නොවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සිය ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බව ද අවධාරණය කළේය.
අද (29දා) මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
