මේ වසරේ සිට පරිසර හිතකාමී ලෙස මෙරට ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කිරීමට රජය තීරණය කර තිබේ.
එහි මූලික පියවර ලෙස රාජ්ය හා අර්ධ ආයතනවල ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස ඉදිකිරීමටත්, පවත්වාගෙන යාමටත් පියවර ගැනීමට නියමිතය. මේ සඳහා වන කෙටුම්පත් සකස් කිරීමටත්, මාර්ගෝපදේශ සංග්රහය විමර්ශනය කිරීමත් පිණිස නිලධාරී කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.