ගෝලීය උණුසුම ඉහළ යෑම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙන 'හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්' (HFC) හරිතාගාර වායුව භාවිතයෙන් ඉවත් කිරීමට රජ්‍යයන් 150කට වැඩි ප්‍රමාණයක් ඓතිහාසික එකඟතාවකට පැමිණ තිබේ.
'හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්' (HFC) වායුව බහුල වශයෙන් ශීතකරණ හා වායුසමීකරණ සඳහා මෙන්ම, එයරොසොල් (ඉතා කුඩා අංශු විසිර තිබෙන) ස්ප්‍රේ වර්ග සඳහා භාවිත කෙරෙයි.
රුවන්ඩාවේ කිගාලි හිදී මෙම එකඟත්වයට පැමිණ ඇති අතර, වේගයෙන් ඉහළ යමින් පවතින හරිතාගාර වායුවක් ලෙස සැලකෙන 'හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්' (HFC) වායුව යළි පරිසරයට මුදාහැරීම වැළැක්වීමට එකී රාජ්‍යයන් මෙහිදී තිරණය කර ඇත.
විශේෂඥයන් පෙන්වාදෙන පරිදි 'හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්' (HFC) වායුව කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුවට වඩා දහස් ගුණයක් ප්‍රබල හානියක් ගෙනදෙමින් වායුගෝලයට මුදාහැරෙමින් තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
මොන්ට්‍රියල් සම්මුතිය සඳහා සංකීර්ණ සංශෝධනයක් ලෙස රුවන්ඩාවේදී ඉදිරිපත් වූ මෙම එකඟතාව අනුව වසර 3ක් තුළ ලෝකයේ ධනවත් රටවල් 'හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්' (HFC) වායුව වායුගෝලයට මුදාහැරීම නවතා දැමිය යුතු අතර, ඉන්දියාව වැනි ඌන සංවර්ධිත රටවල් සඳහා මේ සඳහා වසර 10ක කාලයක් ලබාදී තිබේ.
ගෝලීය උණුසුම ඉහළ යෑම මේ වනවිට ලෝකය මුහුණදෙන භයානකම යුද්ධය යැයි පැවසීමේ වරදක් නොමැති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.