යුද හමුදාවෙන් පලාගිය හමුදා සාමාජිකයන්ට බාරවීමට ඉදිරියේදී පොදු සමා කාලයක් ලබාදෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
2016 වසරේදී දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කළ පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් 8843 දෙනෙකු හා නිලධාරීන් 34 දෙනෙකු බාර වී තිබෙන බවත්, ඉන් 80%කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
සෙසු පිරිස් ඉවත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කරමින් තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට පෙරේදා (13දා) දිනය දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6719ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව යුද හමුදාවෙන් පලාගිය හමුදා සාමාජිකයන්ට බාරවීමට පොදු සමා කාලයක් ලබාදෙන බවත්, එම කාලය මේ මස 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බවත් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.