හමුදාවට කුණු කාණු හාරන්න කිව්වේ නැහැ
යුද්ධය හේතුවෙන් යුද හමුදාව විසින් වසා දැමූ යාපනයේ කාණු පද්ධති යළි සකස්කර දීමට හැකිදැයි විමසා සිටියා හැර යුද හමුදාවට යාපනයේ කුණු කාණු හාරන්නට නොපැවසූ බව උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ යාපනය, උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, යුද සමයේදී කොටි සංවිධානය විසින් යුද හමුදාවට යාපනය කාණු පද්ධති යොදාගෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාර හා විවිධ ප්‍රහාර එල්ල කිරීම නිසාවෙන් යුද හමුදාව විසින් යාපනයේ කාණු පද්ධති වසා දැමීමට පියවර ගත් බවත් නමුත් මේ වනවිට යුද්ධය අවසන් වී ඇති බැවින් එම කාණු පද්ධති යළි පිළිසකර කිරීමට හැකිදැයි යුද හමුදාවෙන් විමසීමට පියවර ගන්නා බව තමන් උතුරු පළාත් සභාවේදී පැවසූ බවද ඔහු සඳහන් කළේය.
මීට හේතුව වශයෙන් උතුරු මහ ඇමතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය දිනවල අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ගංවතුර තත්ත්වයක් ඇති වීමට ප්‍රධානම හේතුව වශයෙන් යාපනයේ කාණු පද්ධති වැසීම හේතුවෙන් එක් රැස්වූ ජලය මුහුදට ගලාබැසීම අක්‍රමවත් වූ නිසා බවයි. ඒ හැරෙන්නට යුද හමුදාව සම්බන්ධයෙන් තමන් වැරදි ප්‍රකාශයක් සිදුනොකළ බවටත් තමන් පිළිබඳ වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙසත් උතුරු මහ ඇමතිවරයා ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

