හමුදා කුමන්ත්‍රණයක් ගැන සඳහන් කරමින් රට බෙදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
රට තුළ තවදුරටත් ප්රජාතන්ත්රවාදය මර්දනය කළ හොත් හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳව අද (20දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා,
“දිනේෂ් මන්ත්‍රීතුමා මතු කළ කාරණයත් එක්ක සරත් ෆෝන්සේකා මහතා ඈඳගෙන එළියේ කතා කරන බවක් පේන්න තියෙනවා. මේක පහත් නින්දිත උත්සාහයක් හමුදාව බෙදන්න. හමුදාව කෙරෙහි රටේ ජනතාවගේ සැකබියක් ඇති කරන්න. ඊටත් වඩා මේ රටේ නැවත ජාතීන් බෙදන්න.
නැවත ආගම් වශයෙන් බෙදන්න, නැවත රටේ කලකෝලාහලයක් ඇති කරන්න මූලික පසුබිම සඳහා කතා පතුරවන බව පේනවා. ඒ කුමන්ත්‍රණය ගැන අපේ බලවත් පිළිකුළ ප්‍රකාශ කරනවා. ඒ වගේ ප්‍රකාශ රටකට කරන මහා අපහාසයක්.“ යනුවෙන් පැවසීය.