යුද හමුදාවෙන් පලාගොස් සිටින වෛද්‍ය බළකා නිලධාරීන්ට හැර සෙසු පිරිස් වලට මේ මස 23 වැනි දින සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළදී භාරවීමට පොදු සමා කාලයක් ලබාදෙන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
පොදු සමා කාලය තුළදී තම මව් කඳවුරට ගොස් අදාළ ලිපි ලේඛන ඉවත් කිරීමෙන් නීත්‍යනුකූලව ඉවත්වීමට හැකියාව තිබෙන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
තවද යුද හමුදාවෙන් පැන ගිය නිලධාරීන් හා සෙබළුන් සේවයේ යොදවා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, මේ වනවිට ආසන්න වශයෙන් යුද හමුදාවේ පමණක් 30,000 කට වැඩි පිරිසක් සේවය අතහැර ගොස් සිටින බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.