සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමාකාලය අනිද්දා (12දා) දක්වා ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු සියලු නිලයන් සඳහා මෙය අදාළ වේ.
පොදු සමාකාලය මේවනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර, අද(10දා) වන විට අවසන් වූ මාසයක කාලය තුළ ත්‍රිවිධ හමුදාවටම අයත් සාමාජිකයන් 14,297 නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇත.