හමුදා ට්රක් රථයක් වෙලේ යයි
- 22 01 2015
- 09:39
- {{hitsCtrl.values.hits}} views
- එප්පාවල- තිසර සමල්
අධික වේගයෙන් පැමිණි යුද හමුදා ට්රක් රථයක් අද (22දා) එප්පාවල, දිවුල්වැව ප්රදේශයේ වංගුවකදී වේගය පාලනය කර ගත නොහැකිව පා පැදියකරුවකුද අනතුරට ලක් කරමින් මාර්ගයෙන් ඉවතට පැනවෙල් යායකට වැටී තිබේ.
එප්පාවල රජයේ රෝහලේ පැවැත්වෙන සායනයකට සහභාගීවීමට පා පැදියෙන් යමින් සිටි එප්පාවල සඳරැස්ගම පදිංචි හැට හැවිරිදි ඩබ්ලිව්.එච්.එම් මද්දුම බංඩාර මහතා මෙම අනතුරින් තුවාල ලබා එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීය.
පෙරවරු 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත.හමුදා ට්රක් රථයේ පැමිණි හමුදා නිලධාරීන්ට මෙම අනතුරින් කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
