කිසිවෙකු පවසන පරිදි හමුදා කුමන්ත්රණයකින් ශ්‍රීලංකාවේ කිසිවෙකුට බලයට පත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාවේ හමුදා කුමන්ත්‍රණයකට ඉඩ ඇති බවට පැවසූ ප්‍රකාශය සමබන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"ඒගොල්ලන් ආස ඒකට තමයි. එහෙම එකක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය දැන් දන්නවා ප්රජාතන්ත්රවාදී විදහට දැන් බලයට එන්න බැහැ කියලා. ඒ නිසා රෑට හීනෙන් දකිනවා ඇති හමුදා කුමන්ත්රණයකින් බලයට එන හැටි. නමුත් ඒවා හීන විතරයි.”