ත්‍රීකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල කිසිඳු හමුදා කඳවුරු ඉවත් කිරීමක් සිදුව නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශකරයි.
නැගෙනහිර ප්‍රදේශයෙන් හමුදා කඳවුරු ඉවත් කර ඇති බවට පුවත් පතක් පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් මනා සහ ක්‍රමවත් ක්‍රියාන්විත සැලැස්මකට අනුව එම බල ප්‍රදේශවල කඳවුරු ස්ථාන ගත කොට ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.