හම්බන්තොට පැවැති විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසුරුණු බවට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පස් දෙනෙකුගෙන් සිවු දෙනෙකු ඊයේ (09දා) හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පසුගිය 08 වැනිදා රාත්රියේ සහ ඊයේ (09දා) මෙම වැටලීම් සිදුකර සූරියවැව ප්රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හා සෙවණගල ප්රදේශයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ වනවිට පසුගිය 06 වැනිදා පැවැති විරෝධතාව සම්බන්ධයෙන් පුද්ගලයන් 33 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.