හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය සිය මෙහෙයුම් ආරම්භ කළ 2012 ජූනි මස සිට ගෙවුණු 2014 දක්වා මෙහෙයවා ඇති ප්‍රතිඅපනයනය මෙහෙයුම් ප්‍රමාණය දෙලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එසේම පසුගිය වසරේදී පමණක් එම වරාය මගින් මෙහෙයවා ඇති දේශීය ප්‍රතිඅපනයනය මෙහෙයුම් සංඛ්‍යාව 198,426ක් බවද එම අධිකාරිය සඳහන් කර සිටී.
ඒ අනුව වර්තමානය වන විට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය, කලාපයේ කාර්යක්ෂම හා ක්‍රියාකාරී වරායක් බවට පත්වී ඇතැයිද සඳහන් වෙයි.
එහිදී ආනයන, ප්‍රතිඅපනයන ක්ෂේත්රවලින්ද මෑතකදී ආරම්භ කළ බන්කරින් සේවා පවත්වාගෙන යාම තුළින් මෙන්ම සාම්ප්‍රදායික නැව් බඩු මෙහෙයුම් තුළින්ද ඔවුන් විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ. ඒ අතරින් වාහන ප්‍රතිඅපනයනය වඩාත් ලාභදායක ක්ෂේත්රය වී ඇත.
එසේම වාහන කර්මාන්තයේ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් මධ්‍යස්ථානයක් ලෙස මාගම්පුර වරාය යොදා ගැනීමේ ප්‍රවණතාවක් දැක්වීම මේ දියුණුවට හේතුව වී ඇතැයිද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 2012 දී ආරම්භ කළ වාහන මෙහෙයුම් යටතේ නෞකා 31 ක්ද, 2013 දී නෞකා 137 ක්ද වරායේ සේවා ලබා ගෙන තිබේ. ගෙවුණු වසරේදී එම මෙහෙයුම් සංඛ්‍යාව 260 දක්වා වැඩි වී ඇත. ඒ අනුව 2013 හා සැසඳීමේදී එය 90% ක වර්ධනයකි.
මෙම ප්‍රගතිය දේශීය වාහන ඒකක වශයෙන් සැලකීමේදී, 2012 දී වාහන ඒකක 6406 ක්ද, 2013 දී ඒකක 25,601 ක්ද, 2014 දී ඒකක 37,631 ක් ලෙසද මෙහෙයවා තිබේ. ඒ අනුව මේ දක්වා මෙහෙයවා ඇති සමස්ත වාහන ඒකක සංඛ්‍යාව 69,638 කි.
වරාය හරහා 2012 ජූනි මාසයේදි ආරම්භ කළ ආනයන සහ ප්‍රතිඅපනයනය කටයුතුද මේ වනවිට ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහිදී 2012 වසරේ ඒකක 4343 ක් වූ මෙය 2013 වසරේදී ඒකක 38,925 ක් බවටද පත්විය. 2014 වසරේදී මෙම ඒකක ප්‍රමාණයේ වර්ධනයක් පෙන්නුම් කරමින් වාහන ප්‍රතිඅපනයනය ඒකක 160,765 දක්වා මෙහෙයවීමට මාගම්පුර වරායට හැකියාව ලැබී ඇත. එය පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී 310%ක වර්ධනයකි.
ඒ අනුව මේ දක්වා මෙහෙයවා ඇති මුළු ප්‍රති අපනයන ඒකක ප්‍රමාණය 204,063ක් වී තිබේ. මේ සංඛ්‍යා ලේඛන අනුව වරාය හරහා මෙහෙයවා ඇති මුළු දේශීය හා ප්‍රතිඅපනයන වාහන ඒකක ප්‍රමාණය 273,701 ක් බවටද පත්ව තිබේ.
භානුක අමරසිංහ