හම්බන්තොට වරායේ චීන මෙහෙයුම් කටයුතු ලබන මාසයේදි සිට ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එසේම ඒ සඳහා චීනය කරන ආයෝජනයෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීම සඳහා යොදාගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා හා චීන මනා සංවිධාන කර්මාන්ත කාර්යාය විවෘත කිරීම හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ඊයේ (04දා) දැක්වීය.
වරාය කටයුතු සදහා තවත් ඩොලර් මිලියන 600ක් චීනය යෙදවිමට සූදානම් බවත් ඔහු පැවැසීය.
වරාය කටයුතු වලට අමතරව තෙල් පිරිපහදුවක්, එල්.එන්.ජි. විදුලි බලාගාරයක්, වානේ කර්මාන්ත ශාලා, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් හා නැව් තටාකාංගනයක්ද ඉදිකිරිම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙන බවත් ඔහු පැවැසීය.