හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීමට රජය තීරණය කර ඇත.
හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබාදිය යුතු බැවින් හම්බන්තොට වරායේ ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13500 ක් වන නාවික තෙල් සහ මෙට්‍රික් ටොන් 328 ක් වන IFO – 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව සිදුකර ඇති තරගකාරී මිල ගණන් කැඳවීම අනුව තාක්ෂණ ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඩිෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබාදීමට රජය තීරණය කර තිබේ.