හම්බන්තොට වරායේ නෞකාවලට ඉන්ධන සැපයීමේදී සිදුවී ඇති මහා පරිමාණයේ අක්‍රමිකතාවක් හේතුවෙන් හම්බන්තොට වරායට ඩොලර් මිලියන 19යි දශම 9ක පාඩුවක් සිදුව ඇති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. හම්බතොට වරායේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් හෙතෙම මේබව අවධාරණය කළේය.
සිදුව ඇති අක්රමිකතාවට වගකිව යුත්තන් හඳුනා ගැනීමට මේ වන විට විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
“ පසුගිය කාලේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙනා තෙල් නැවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ එම නැවේ තිබුණු තෙල්වල තත්ත්වය දුර්වල මට්ටමක තිබුණු නිසයි. මේ හේතුවෙන් එම තෙල් නැව ආපහු යවලා තියෙනවා. නමුත් ඒ යවපු තෙල් මාගම්පුර වරායට විශාල මුදලක් ගෙවලා අරගෙන. අද අපිට ඒ තෙල්, ඒවා ගත්ත මුදලින් 3න් 1ක වටිනාකමකටවත් විකුණගන්න බැරිවෙලා තියෙනවා.
අනෙක් කරුණ, මේ තෙල් මිලදී ගෙන තියෙන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළම තිබුණු අවස්ථාවක. ඒ කියන්නේ මේ තෙල් මිලදී ගෙන තියෙන්නේ අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය ප්‍රමාණයකින්. එයින් හම්බන්තොට වරායට වුණු පාඩුව ඩොලර් මිලියන 19යි දශම 3ක්. ඊට අමතරව බැංකුව පොළිය ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක් ගෙවනවා.” යැයිද වැඩිදුරටත් පවසා සිටියේය.
චාමර සම්පත්/ රාහුල් සමන්ත