හම්බන්තොටදී පසුගියදා පැවැති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන්ගේ පවුල්වල අවශ්‍යතාවන් සොයාබලා ඒ සඳහා මැදිහත් වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හම්බන්තොටට අද (18දා) ගියහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු අද එම ගමනට එක්වූහ.
උද්ඝෝෂණයෙන් පසු බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන්ගේ එම පවුල්වල සාමාජිකයන් අසරණ වී ඇතැයි මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, මන්ත්‍රීවරුන් වෙන වෙනම මැදිහත්වී එම පවුල්වල තත්ත්වය සොයා බලන ලෙසයි.