හම්බන්තොට පොලීසියේ නිලධාරීන් සිවුදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශ්රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු ඇතුරුදන් වීමේ සිද්ධියකට අදාළව කරන විමර්ශනයක් හේතුවෙන් ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරදී හම්බන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකුට ස්ථානමාරුවීම්ද ලබාදුන්නේය.