හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලබන ඔක්තෝබර් මස 01 දා චීනයේ චයින් මර්චන්ට් සමාගමට භාරදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට වරාය බදුදීමට අදාළව ඉකුත් දා අත්සන් කළ ගිවිසුමට අදාළව මෙම භාරදීම සිදුවනු ඇත.
හම්බන්තොට වරායෙන් සියයට 80ක කොටස් චයිනා මර්චන්ට් සමාගමට ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වන සේ වසර 99ක බදු පදනමකට චයිනා මර්චන්ට් සමාගමට වරාය බද්දට දී තිබේ.
ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.16 ක මුදලක් රජයට ලැබීමට නියමිතය.
ඉරිදා ලංකාදීප (අජන්ත කුමාර අඟලකඩ)