හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 1000ක කර්මාන්ත ගම්මානයක් පිහිටු වීමට බලාපොරොත්තු වෙනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා ඉදිරිපත් කළ ආර්ථිකය පිළිබඳ ප්‍රකාශය පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දෙවැනි දින විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කීය.
පසුගිය රජය කලයේ ඵලදයි නොවන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබුණා.අපිට ආශ්චර්යක් කරන්න අවශ්‍ය නෑ. ගෝලීය මූල්‍ය වෙනස් කම් හදුනාගෙන කටයුතු කළ යුතුයි.අන්තර්ජාතික වශයෙන් ඒවා දේශීයව ශ්‍රී ලංකා රජය සැළකිලිමත් වී තිබෙනවා.මේ තත්ත්වයන්ට මුහුණ දීමට දේශීය වශයෙන් මුහුණ දීමට ප්‍රතිකර්ම සපයනවා.විදේශ විනිමය ඉපයීමට පසුගිය රජය කටයුතු කළේ නෑ.ඒ නිසා රටේ අසමතුලිතතාවයක් ඇති වුණා.යැයි ද අමාත්‍යවරයා පැවසීය.