හම්බන්තොට ජනතාව උද්ඝෝෂණ සඳහා පොළඹවන්නේ මත්තල ගුවන්තොටුපොළ ආරක්ෂාකරගැනීමට නොව දේශපාලනඥයන්ගේ ඉඩම් ආරක්ෂාකරගැනීමට බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හම්බන්තොටදී පසුගියදා සිදු වූ උද්ඝෝෂණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද(09දා) පාර්ල්මේන්තුවේදී මේබව කීවේය.
හම්බන්තොට සිදු වූ උද්ඝෝෂණයේදී ජනතාව පොළඹවා එය සංවිධානය කළ නායකයන් පසුපසට වී සිටිබැවින් අහිංසක ජනතාව පමණක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, නායකයන් සැඟවුණු බවද අමාත්‍යවරයා කීවේය.
හම්බන්තොට ඇතැම් දේශපාලනඥයන්ගේ දේපොළ ආරක්ෂාකරගැනීම සඳහා ජනතාව භාවිතකරන බවත්, මේ සම්බන්ධයෙන් සියලු කරුණු තමාට සාක්ෂිසහිතව ඔප්පුකළ හැකි බවත් අමාත්‍යවරයා කීවේය.
“හම්බන්තොට සංවර්ධනය වෙනවාට අපි කැමතියි. ඒවගේම හම්බන්තොට දේවල් විකුණනවා නම් අපි ඒවට අතඋස්සන්නේ නැහැ. පරිසර වාර්තා නැතුව හරි ඒ කාලෙ හම්බන්තොට හදපුවට අපි අත ඉස්සුවේ ඒකයි. නමුත් ඒ ඉදිකිරීම්වලින් අපට බලපොරොත්තු වුණ දේවල් ලැබිලා නැහැ. ඒ නිසා අපි ඒවා ලබාගත යුතුයි. අපි මේ කන්නේ ඒ දෙයයි.
මම මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා නිසා දන්නවා මෙතැන වෙන්නේ මොකක්ද කියලා. මහවැලිය යටතේ හම්බන්තොට බෙදපු ඉඩම්වල ඔප්පු ගන්න අයිතිකාරයෝ එන්නේ නැහැ. මොකද ඒ අයිතිකාරයෝ දේශපාලඥයෝ. මේ සම්බන්ධ සියලු සාක්ෂි මං ගාව තිබෙනවා. අපට ගල් කොරි නැහැ, වැලි බිස්නස් නැහැ, බස් නැහැ, කොමිස් ගන්නෙ නැහැ. ඒනිසා මම මේවා කියන්න බය නැහැ* යැයිදඅමාත්යවරයා කියා සිටියේය.