හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අතුරුදන් වූ බව කියන හම්බන්තොට, සූරියවැව පදිංචිව සිටි තරුණයා දික්වැල්ල ප්‍රදේශයේ පන්සලක සිටියදී සොයාගෙන ඇත.
එම පන්සලේ අඹකොළ වැව බුද්ධික හිමියන් විසින් අදාළ තරුණයා පොලිස් මූලස්ථානයට බාර දී තිබේ. ඔහු මේ වන විට පොලිස් මූලස්ථානයේ සිටින බව පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවැසීය.
තරුණයා අත්අඩංගුවට ගත් බවත් ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවැසූ අජිත් රෝහන මහතා සිද්ධිය පිළිබඳව මාතර මූලස්ථාන පොලීසිය විමර්ශන කරන බවද සඳහන කළේය.