රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය විරෝධය දක්වමින් පැවැත්වූ විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන සැකකරුවන් 31ක් යළිත් එළැඹෙන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (30දා) නියෝග කළේය.
අධ්‍යාපන කාරණා අනුව එක් සැකකරුවෙකු ඇප ලැබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පාළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, හිටපු මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ අය අතර වූහ.
පසුගිය නඩුවාරයේදී ඇප ලැබුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ඩී.වී. චානක යන මහත්වරුද අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.