හබරාදූව විවිධ සේවා සමූපකාර සංගමයේ නව අධ්යක්ෂ මණ්ඩලය තේරීමේ තරගය ඒකාබද්ධ විපක්ෂය පරාජයට පත්කරමින් වත්මන් සභාපති සමන්ත වැලිගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජයග්‍රහණය කළේය.
මෙම තරගය සඳහා ඒකාබද්ධ කණ්ඩායම වෙනුවෙන් වර්තමාන පළාත් සභා මන්ත්‍රී ඒ.ජී.සී. පියසිරි මහතාගේ සහෝදරයාද, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයවික්‍රම මහතාගේ සහෝදරියක්ද, හබරාදූව හා ඉමදූව ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරුන් තුන්දෙනෙක් හා හිටපු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක්ද ඉදිරිපත්ව සිටියහ.
මෙම සංගමයේ ප්‍රාදේශිකයන් සදහා වු තරගයේ දි ප්‍රාදේශික 29න් 25ක්ම අත්පත්කර ගැනීමට වත්මන් සභාපති සමන්ත වැලිගමගේ මහතාග් කණ්ඩායමට හැකි වු අතර එහිදි ඒකාබද්ධ විපක්ෂයට හිමිකර ගත හැකි වුයේ ප්‍රාදේශික තුනක බලය පමණකි. එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වුයේ ප්‍රාදේශික දෙකක බලය පමණි.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්