හබරාදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පහරදීමකට ලක්වූ බව පවසන ගාල්ල මහ නගර සභා සේවකයකු අද (13දා) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් පොලීසිය කියයි.
එච්.එල්.අජන්ත කුමාරසිංහ නමැති 33 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස පහරකෑමට ලක්ව ඇත.
හබරාදූව ප්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේ දී පැවති පළාත් පාලන කී‍්‍රඩා තරගාවලියේ කඹ ඇදීමේ ඉසව්වේදී ගාල්ල මහ නගර සභා කණ්ඩායම හා හබරාදූව ප්‍රාදේශීය සභා කණ්ඩායම අතර පැවති තරගයෙන් ගාල්ල කණ්ඩායම ජයගැනීමෙන් පසුව ප්‍රීති ඝෝෂා නගමින් සිටිය දී එතැනට පැමිණි සභාපතිවරයා තමන්ට පහරදුන් බව කුමාරසිංහ මහතා පොලීසියට පවසා ඇත.