හබරණ පොලිස් වසමේ හබරණ ත්රිකුණාමලය මාර්ගයේ කලගෙඩිකන්ද කැලෑ ප්රදේශයේ ඊයේ (16දා) රාත්රී ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භූමි ප්රමාණයක් විනාශයට පත්ව ඇති අතර, පොලීසිය, යුද හමුදාව, වනජීවී නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාහේ මැඩපවත්වා ඇති බව පොලීසිය කියයි.
ගින්න හේතුවෙන් මිනිස් ජීවිත කිසිවකට හානි සිදු නොවූ බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් හබරණ පොලීසිය පවසයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙයි.