හඳුනාගත් මධ්‍යස්ථාන 155කට ත්‍රිවිධ හමුදාවේ 855ක්
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 855 දෙනෙකු ඡන්ද පොළවල් 155ක් ඉලක්ක කරගෙන රජකාරියේ යොදවන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව අවශ්‍යතාවක් වුවහොත් රාජකාරි කටයුතු සඳහා කැඳවීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 6200ක් සූදානම් කර තිබෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
යම් යම් සිදුවීම් සිදුවිය හැකි බවට හඳුනාගත් මාධ්‍යස්ථාන 155ක් සඳහා අමතර ආරක්ෂාව ඉල්ලා තිබෙන බවත්, මේ අනුව නාවික හමුදා සාමාජිකයන් 74ක්, ගුවන් හමුදා සාමාජිකයන් 51ක් සහ හමුදා සාමාජිකයන් ඇතුළු 855 දෙනෙකු අද (08දා) සිට රාජකාරි කටයුතුවල යොදවන බවත් ඔහු පවසා සිටියේය.
සූදානමින් තබා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 6200ක ප්‍රමාණය තුළ නාවික හමුදා සාමාජිකයන් 558ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 443ක්ද ඇතුළත් වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


