එච්.අයි.වී වෛරසය මගින් ආසාදිතවූ රෝගීන් 1698 දෙනෙකු තවමත් හඳුනාගැනීමට නොහැකිව මෙරට ජීවත්වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව අනාවරණය කළේ කොම්පඤ්ඤවීදිය රාමාඩා හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් අදහස් දක්වමින් සිසිර ලියනගේ මහතා කියා සිටියේ, අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් සමාජගත වී සිටින හඳුනාගත් මෙම පුද්ගලයන් මගින් මෙම වෛරසය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.
මෙරට තුළ මෙම වෛරසය ආසදිත වූවන් 4100 පමණ සිටින බවට ඇස්තමේන්තු ගත කර ඇතත් දැනට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 2502 ක් පමණක් වන බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.
චන්දන සමරවික්‍රම