හඳුන්නෙත්තිට මාර්ග සංවර්ධන අධිකාරියේන් අභිෙයා්ගයක්
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය සඳහා සුඛෝපභෝගී වාහන ලබාගෙන නොමැති අතර, එසේ ලබාගත් බව කියන සුඛෝපබෝගි වාහනයක් යම් අමාත්‍යවරයකු පරිහරණය කරන්නේනම්, ඒ පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්ච් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට අභියෝග කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊෙය් (30දා) මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සූරියආරච්චි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම අභියෝගය සිදුකර ඇත.
සුනිල් හඳුන්නෙන්ති මහතා ප්‍රකාශ කළ ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය තුළ දූෂණයක් හෝ වංචාවක් සිදුව නොමැති බවද සූරියආරච්චි මහතා සඳහන්කර ඇත.
එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇති පරිදි අදාළ ව්‍යාපෘතිය සඳහා සුඛෝපභෝගී වාහනයක් බදු රහිතව ගෙන්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිර්දේශ කිරීමක් සිදුකර නැතැයිද හෙතෙම නිවේදනයේ සඳහන් කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැපයුම්වල යම් යම් වෙනස්කම් සිදුකිරීමට සිදු වූයේ භූගත හා පාරිසරික පරීක්ෂණවලින් හෙළි වූ කරුණු හේතුවෙන් බවත් හෙතෙම පෙන්වාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

