ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි කැබිනට් මණ්ඩල හමුවක් කැඳවා ඇති අතර, මේ සඳහා ආණ්ඩුවේ සියලුම ඇමතිවරුන්ගේ සහභාගීත්වය අනිවාර්යය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග 'අද'ට පැවසීය.
මෙම සතිය තුළ කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට කලින් තීරණය කර තිබූ අතර, එය යළි පැවැත්වීමට තීරණය කර තිබුණේ ලබන 12 වැනිදායි.මෙම සතියට අදාළ කැබනට් සන්දේශ පවා සූදානම් කර නොමැති අතර, ඉතා හදිසියේ මෙම කැඳවීම සිදුකර ඇත. පළාත් පාලන මැතිවරණ සංශෝධනය පිළිබඳව සහ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
එමෙන්ම ආණ්ඩුවේ ඉදිරි ගමන් මග සම්බන්ධ තීරණ කිහිපයක්ම මෙහිදී ගැනිමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.දේශීය ආදායම් බදු පනත හෙට (07දා) පාර්ලිමේන්තුවේදී දෙවැනි වර විවාදයට ගැනීමට නියමිත අතර, මේ පිළිබඳ ඡන්ද විමසීමද හෙට (07දා) පාර්ලිමේන්තුවේදී සිදුවේ.
මේ සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිත ඇතැයි වාර්තා වේ.