සැප්තැම්බර් 02 දා පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාග ප්රශ්න පත්ර දෙකක් කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ හජ්ජි උත්සවය එදිනට පැවැත්වෙන හෙයිනි.
ඒ අනුව පොදු පරීක්ෂණය හා තොරතුරු තාක්ෂණ 02 ප්රශ්න පත්ර දෙක සැප්තැම්බර් 04 දා තෙක් කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එදින පෙ.ව. 8.30 සිට 11 දක්වා පොදු පරීක්ෂණයත්, පස්වරු 12.30 සිට 3.30 දක්වා තොරතුරු තාක්ෂණය 2 ප්රශ්න පත්රයත් පැවැත්වේ.
විභාග අපෙක්ෂකයන් වෙනුවෙන් නිකුත් කර තිබූ අයැදුම්පත්ර එදිනට වලංගු බවත් වැඩි විස්තර 1911 අංකයෙන් ලබාගත හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.