සෞදි අරාබියේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තමන් විසින් දියත් කළ බව IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීහු පවසති.
සෞදියේ නැගෙනහිර ප්‍රදේශයක දියත් කළ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
පසුගිය නොවැම්බර් මාසයේදී සෞදිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ IS ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම විසින් එරට දියත් කළ ප්‍රථම ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි.
ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ට්විටර් ගිණුමේ බෝම්බකරු සමග මෙම ප්‍රහාරය පිළිබඳ තතු දක්වා ඇති අතර, එය පිළිගත හැකි තොරතුරක් බව සෞදි බලධාරීහු පවසති.
IS ඉස්ලාමීය අන්තවාදීහු මීට පෙර සෞදියේ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රහාර දියත් කරන බවට අනතුරු අඟවා තිබුණි