වසර 15ක් තිස්සේ වැටුප් නොලබා සෞදියේ ගෘහ සේවාවේ නිරත වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රුපියිල් 4,936,000 ක හිඟ වැටුප් හිමිව තිබේ. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඉතිහාසයේ හිමිවූ ඉහළම හිඟ වැටුප එය වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
2000 වසරේදී ව්‍යාජ තොරතුරු සපයමින් ඇය සෞදියේ ගෘහ සේවය සඳහා ගොස් ඇත්තේ ව්‍යාජ තොරතුරු සපයමින් වසර අවුරුදු 14දීය. ඇය එකම නිවසක වැටුප් නොලබා වසර 15ත් සේවය කඅර ඇති අතර එම නිවසේ හිමිකරුට එරෙහිව සෞදි රජය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් සමග ඇයට හිඟ වැටුප් හිමිව තිබේ.