සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගතයුතු යැයි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මැදපෙරදිග ගෘහ සේවයට යවන මෙරට ගෘහ සේවිකාවන්ට අඩු සැලකිලි ලැබෙන්නේ නම් මැදපෙරදිගට ගෘහ සේවිකාවන් යැවීමට වැළැක්වීමට අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ගෙන ආයුතු යැයි අමාත්‍යවරයා පැවසුවේ අද (04දා) කාරක සභා විවාදයට එක්වෙමිනි.