සෞදි අරාබියේ, රියාද් නගරයේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාව කරමින් සිටි තිදරු මවක පිළිබඳව ජිවිතක්ෂයට පත්ව ඇතැයි පළණියණ්ඩි පරමසිවම් නමැති ඇයගේ සොහොයුරෙකු විසින් පෙරේදා (05දා) මස්කෙළිය පොලීසියට පැමිණිළි කර තිබේ.
මස්කෙළිය, ස්ට්රැත්ස්පි තේ වත්තේ, ලෙඩ්බෘක් කොටසේ පළණියන්ඩි කට්බගවල්ලී (අවු.40) නැමැති කාන්තාවක මෙසේ මියගොස් තිබේ. පි
පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් හරහා 2015.10.12 වැනිදා අදාළ කාන්තාව සෞදි අරාබියේ, රියාද් නගරයේ ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා ගොස් තිබේ.
තම සහෝදරිය 2016.10.26 දින අවසන් වරට කතා කරමින් මුලින් වැඩකළ නිවසේ සිට වෙනත් නිවසක රැකියාවට ගිය බවත්, එම නිවසේ අය නිතර අමානුෂික ලෙස පහරදෙන බවත්, එම නිවසේ රැකියාව කිරීමට නොහැකි බවත් පවසා සිටි බව පළණියණ්ඩි පරමසිවම් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර තිබේ.
එම කාන්තාව නොවැම්බර් 01 දා සෞදියේ ඔලෙයා සුබ සාධන මධ්‍යස්ථානයේදී මියගොස් ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.