සෞදි අරාබියේ රැකියාවලට ගිය කාන්තාවන් 16 දෙනෙකුගේ කිසිදු තොරතුරක් නොමැති බවත්, ඔවුන් පිළිබඳ තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011-4379328 දරන අංකයට දැනුම් දෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටියි.
මෙම කාන්තාවන්ගේ තොරතුරු මෙසේය,
2011 වර්ෂයේ විදේශ ගතවූ පොතුවිල් කෝමාරි 01 පානම්පත්තු යන ලිපිනයේ පදිංචිව සිටි එස්.බී. සුවිර්තරාණි , 2011 වර්ෂයේ විදේශ ගතවූ මීගමුව කටුවාපිටිය ද සිල්වා මාවතේ අංක 127/C ලිපිනයේ පදිංචිව සිටි ඒ මාරි අම්මා හා 2014 වසරේ විදේශ ගතවූ අම්පාර කෘෂිකර්ම නිවාස E 02 ලිපිනයේ පදිංචි එම්. නිලූකා ප්රනාන්දු යන අය පිළිබඳව 2015 වර්ෂයේ සිට තොරතුරක් නොමැත.
2011 වසරේ විදේශ ගතවූ, ගලේවෙල ඔබරගස් වැව ලිපිනයේ පදිංචිව සිටි වයි.එම්. විමලාවතී පිළිබඳව 2011 වසරේ සිට තොරතුරක් නොමැත.
2008 වර්ෂයේ විදේශ ගතවූ පල්ලේගම, ලග්ගල, අගලහේන, රණමුරේ යන ලිපිනයේ පදිංචිව සිටි කේ.අයි.මුතුමැණිකා, 2010 වසරේ විදේශ ගතවූ, රත්නපුර, නිවිතිගල, උඩකොටස, නොරගොල්ලවත්ත යන ලිපිනයේ පදිංචිව සිටි පී.එල්. පත්මිණි හා එම වර්ෂයේදීම විදේශ ගතවූ,මඩකලපුව, තන්නමුණෙයි, ආරුමුකතන්කුඩිඉරිප්පු, අන්ඩියර් පාර ලිපිනයේ පදිංචිව සිටි කේ.වී. කරුණාවතී යන අය පිළිබඳව 2010 වර්ෂයේ සිට තොරතුරක් නොමැත.
2008 වර්ෂයේ විදේශ ගතවූ රත්නපුර, ගොඩකවෙල, මාවතලන්දේ අංක 366/A දරන නිවසේ පදිංචිව සිටි කේ.එල්.හීන්මැණිකේ පිළිබඳව 2009 වසරේ සිට තොරතුරක් නොමැත.
2004 වර්ෂයේ විදේශ ගතවූ, ගිරාදුරු කෝට්ටේ උල්හිටිය අංක 8 ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම්.සුදු මැණිකේ සහ2007 වර්ෂයේ විදෙස් ගතවූ, අගරපතන, බාල්මෝරල් වත්ත යන ලිපිනයේ පදිංචිව සිටි ආදම් කාතියා බීබි යන අය පිළිබඳව 2008 වසරේ සිට තොරතුරක් නොමැත.
2004 වර්ෂයේ විදේශ ගතවූ, කඩුවෙල, කොතලාවල අංක 408 දරන නිවසේ පදිංචිව සිටි ඩබ්.ඒ. පර්ලි වීරසිංහ හා 2007 වර්ෂයේ විදේශ ගතවූ පොළොන්නරුව, වැලිකන්ද, අසේලපුර, මෛත්රීගම අංක 152 හි පදිංචිව සිටි බී. උදයංගනී නෙලුම් කුමාරි යන අය පිළිබඳව 2007 වර්ෂයේ සිට තොරතුරක් නොමැත.
2004 වර්ෂයේ විදේශ ගතවූ, රදාවඩුන්න, කුරුඳුහේන 28/31 ලිපිනයේ පදිංචිව සිටි යූ.ටී. ස්වර්ණලතාපිළිබඳව එම වසරේ සිටම තොරතුරක් නොමැත.
1993 වසරේ විදෙස් ගතවූ, ඉඹුල්ගොඩ පරකන්දෙණිය, ග්රීන්ටෙරන් හි අංක 20/77 ලිපිනයේ පදිංචිව සිටි එන්. ඉන්ද්රාණිපිළිබඳව එම වසරේ සිටම තොරතුරක් නොමැති අතර, 2012 විදේශ ගතවූ, වටගොඩ එන්.සී. කොටස, උතුරු මඩකුඹුර යන ලිපිනයේ පදිංචිව සිටි මීරා සහි බු ජස්මින් පිළිබඳව එම වර්ෂයේ සිට තොරතුරක් නොමැත.
මොවුන් පිළිබඳව තොරතුරු නොමැති බව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැමිණිලි කර තිබේ.