සියලුම සෞඛ්‍ය සේවාවන් වැට් බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සූදානම් වේ.
අමාත්‍ය මණ්ඩල සන්දේශය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඊයේ (05දා) උපදෙස් ලබාදී තිබේ.
පෞද්ගලික රෝහල් සේවා සිදුකිරීමේදී රෝගීන්ගේ බිල්පතට වැට් බදු එකතු කිරීම නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විවිධ සංගම් සහ පෞද්ගලික රෝහල් සංගමය පෙන්වාදීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණයට එළඹී ඇත.
සෞඛ්‍ය සේවා ව්‍යාපාර නොවන බවත්, සේවාවක් බවත් පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා රෝගීන් පීඩාවට පත්වන තීන්දු තීරණ පිළිබඳව යළි සලකා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.