සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි 27ක 45000ක් අද ලෙඩ නිවාඩු
කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළුව සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි 27කට ඇති වී තිබෙනා ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම නිසා අද (30දා) උදේ 6.30 සිට හෙට උදේ 6.30 දක්වා කාලය තුළ අදාළ ශ්‍රේණි 27ට අයත් 45,000කට අධික පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු වී.එම්. සෝමරත්න මහතා සඳහන් කළේය.
මානුෂීය හේතූන් මත කොළඹ ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල මහරගම පිළිකායතනය සහ සොයිසා කාන්තා රෝහල තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් නොකරන බවද පවසා සිටියේය.
පැය 24 ක් පුරා ක්‍රියාත්මක වන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ නිල ඇඳුම් නොමැතිව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව විරෝධතා පා ගමනක් පැවැත්වීමටත් කටයුතු කරන බවද සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ/ චන්දන සමරවික්‍රම
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

