සෞඛ්‍ය ශ්‍රේණි කිහිපයක් විසින් අද දිනයේ ගැනීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවෙන් පසුව නවතා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (24දා) රාත්‍රියේ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව පැවසෙයි.
සෞඛ්‍ය සේවාවේ ශ්‍රේණි කිහිපයක් විසින් ඉදිරිපත්කරනු ලැබූ වෘත්තීය ගැටලු විසඳීම සඳහා මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද කියැවෙයි.