සාකච්ඡා අසාර්ථක වුණොත් හෙට සිට යළි වැඩවර්ජනයේ
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද දිනයේ දී පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට උදේ 8.00 සිට නැවත වැඩවර්ජන ක්‍රියාවලිය දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, අතුරු වෛද්‍ය සේවාවේ නිරත ශ්‍රේණි 06 ක නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට සෞඛ්‍ය ලේකම්වරියට මාස තුනක කාලයක් තුළ ලිපි 06 ක් යවමින් ඉල්ලා සිටියත්, සාකච්ඡාවක් ලබාදීමට ඇය කටයුතු නොකළ බවයි.