සූර්ය බලශක්තියෙන් ලොව වටා ගමන් කළ ප්‍රථම යානය ලෙස සෝලර් ඉම්පල්ස් යානය අබු ඩාබි ගුවන් තොටුපොළ වෙත නිරුපද්‍රිතව ළඟා වූ බව විදෙස් වාර්තා පවසයි.
එහි අවසන් අදියර ඊජිප්තුවේ කයිරෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු ඩාබි දක්වා වූ පියාසැරිය ගුවන් නියමු බර්ට්‍රැන්ඩ් පිකාඩ් විසින් සාර්ථව නිම කර තිබුණි. මෙම ලෝක සංචාරයේදී යානය පැදවූ අනෙක් නියමුවා වූයේ ස්විට්සර්ලන්ත ජාතික ඇන්ඩ්‍රෙ බෝෂ්බර්ග් ය.
ඒ අනුව, 2015 වසරේ මාර්තු මාස 09 වැනිදා අබු ඩාබි සිට ගමන් ඇරඹි සෝලාර් ඉම්පල්ස් යානයේ ලොව වටා සංචාරය 2016 ජූලි මාස 26 වැනිදා මෙසේ අවසන් වූයේ, සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තීන් වඩාත් ප්‍රචලිත කිරීමේ සාර්ථක වෑයමක අවසානයක් ලෙසිනි.
අදියර 17ක් යටතේ සිදුකෙරුණු මෙම ලෝක සංචාරයේදී සෝලාර් ඉම්පලිස් යානය කිලෝ මීටර් 42,000ක් මහද්වීප හතරක්, මුහුදු තුනක් සහ අතිවිශාල සමුද්‍රයන් දෙකක් පසුකරමින් පියාසරා තිබුණි.
මෙම ගමනේ දීර්ඝතම අදියර කිලෝමීටර් 8,924ක් ලෙස සටහන් වූ අතර, එය ජපානයේ නගෝයා සිට ඇමෙරිකාවේ හවායි දක්වා වූ අදියරයි. මේ අදියර පායාසරමින් බෝෂ්බර්ග් දීර්ඝතම ගුවන් පියාසැරියකට හිමි ලෝක වාර්තාවකටද උරුමක් කීය.