2002 - 2004 සමයේ රජය හ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සාම කටයුතු සම්බන්ධීකරණය කළ නොර්වේජියානු විදේශ සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා නැවතත් ශ්‍රී ලංකාව සම්බන්ධව උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇත.
පසුගියදා ලන්ඩන් නුවර ගෝලීය දෙමළ සංසදය හා විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවට සොල්හයිම් මහතාද සහභාගී වී ඇත. එහිදී ඩයස්පෝරාව ගනුදෙනු කරන ආකාරය පිළිබඳව සොල්හයිම් මහතා සිය අත්දැකීම් විස්තර කර ඇත. මේ බව අමාත්‍ය සමරවීර මහතා පසුගිය පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයෙන්ද සනාථ කර ඇත.