සෝමාවතිය පුදබිම සංවර්ධනය කිරීම හා සෝමාවතිය රජමහා විහාරස්ථානයේ 2015 දකුණු දළදා පෙරහැර සංවිධානය කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද (15od) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට සෝමාවතය රජමහා විහාරස්ථානාධිපති පහමුණේ ශ්‍රි සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු හිමිවරුන්ද ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, තිරසාර සංවර්ධනය හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ප්‍රාදේශිය ලේකම්වරුන්, ප්‍රාදේශිය දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.