(UPDATE) ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය අද(05දා) උදෑසන අභාවප්ප්‍රාත වුවාය.ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (05දා) සවස 6.00 ට පමණ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.එතෙක් දේහය බොරැල්ල සුලෙයිමන් ටෙරස් අංක 17 දරණ නිවෙසේ තැම්පත් කර ඇත.
මියයන විට 76 වැනි වියේ පසුවු ඇය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.