ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ අභාවප්රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ තෙමස්පූර්ණ සැමරුමට ජනතාවිමුක්ති පෙරමුණට, ඒකාබද්ධ විපක්ෂයට හා අවංගල්යයට සහභාගි වූ අනෙකුත් දේශපාලන පක්ෂවලට ආරාධනා කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි.
මෙ මස 15 වන දිනට තෙමස් පූර්ණ සැමරුම යෙදී තිබෙන බවත් 14 ධර්ම දේශනයක් හා 15 වන දින සංඝගත දක්ෂිණාවක් පවත්වන බවද එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.
අංක 192, රාජගිරිය පාර, රාජගිරිය ලිපිනයේ පිහිටි සෝමවංශ අමරසිංහ මහතාගේ සොහොයුරාගේ නිවසේදී මෙම තෙමස් පූර්ණ සැමරුම සිදුකරන බවද ඔහු පවසා සිටියේය.