ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇතත් අමරසිංහ මහතාගේ අදහස ප්රතික්ෂේප කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය දන්වා සිටියි.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටියදී දැරූ අදහස් මේ වනවිටද දරන බව සිය පක්ෂයට වැටහෙන බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.