ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ, ජනතා සේවක පක්ෂය, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවිය.
සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය සහ නෙල්සන් පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ අද (18දා) දිනයේදී බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සන්ධානගත වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරන දෙමළ එක්සත් නිදහස් පෙරමුණ සහ ආචාර්ය නිව්ටන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය ඊයේ (17දා) රාත්රියේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළුඑම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් හමුවී සන්ධානගතවීමට කැමැත්ත ප්‍රකාශ කළහ.
විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙහිදී සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කය ප්රමුඛව නැගෙනහිර පළාතේ බහුතර දෙමළ ජනතාව තම පක්ෂය සමග සිටින බවත්, එබැවින් නැගෙනහිර පළාතේ බලය තහවුරු කරගැනීමේ හැකියාව තම පක්ෂය සතු බවත්ය.